පාලම ඉදිකරන්නේ නැහැ

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලම ඉදිකිරීමේ කිසිඳු සැලසුමක් ඉන්දියාවට නැති බව ඉන්දිය මහ කොමසාරිස් කාර්‍යාලය නිල වශයෙන් දැනුම් දී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලම ඉදිකිරීම සම්බන්‍ධයෙන් ඉන්දිය මහ කොමසාරිස් කාර්‍යාලය අමතා විමසූ අවස්ථාවේ ඔවුන් මේ බව සඳහන් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.